ත්‍රස්තවාදය සුව කළ නොහැක, වැළැක්විය හැකිය
1993 මගේ බාප්පගේ වෙඩින් එක තියෙන කොට මම පොඩි කෙල්ල. බාප්පගෙ වෙඩින් එකට සතියකට විතර කළින් එහේ ආව, බාප්පා එක්ක පලාලි කදවුරේ වැඩ කරපු මාමා කෙනෙක් මට ගොඩාක් ආදරේ වුණා. එයා මාව කරෙන් බිම තියන්නේ නැතුව වඩාගෙනම ඉන්නවා කියලා මගේ නෑදෑ සහෝදර සහෝදරියෝ මාත් එක්ක තරහත් වුණා. ලොකු අප්පච්චිගේ පුතා, හොඳ අයියා, මට විහිළු කළා, මොකද වෙනදාට මාව කරේ තියාගෙන යන්නේ එයා.
වෙඩින් එක ඉවර වෙලා මේ මාමා යන්න කළින්, "කෝ මගේ චූටි කෙල්ල, මම එයාව ගෙදර එක්ක යනවා" කියලා කියනවා මට ඇහුණා. මම බය වුණා. දුවලා ගිහින් දර මඩුවේ හැංගුණා. මාව හොයලා හොයලා නැති නිසා ඒ මාමා මට කියන්නෙත් නැතිව ගියා.
බාප්පා හමුදාවෙන් අයින් වුණා. හොඳ අයියා හමුදාවට ගියා. හොඳ අයියාට වෙඩි වැදිලා අදටත් මූණ විරූපියි. ප්ලාස්ටික් සැත්කමක් කරලා මූණ යම් තරමකට හැදුවට, මූණ හොදටම හදන්න කළින් එයා හමුදා රෝහලෙන් පැනලා ආවා. යුද්ධෙ දරුණුවටම තිබ්බ කාලේ ලෙඩෙක් පස්සේ එලවන්න ආණ්ඩුවට වුවමනාවක් තිබ්බේ නෑ. හොඳ අයියා ගෙදර ආවා. නරක වුණා. බොන්න පටන් ගත්තා, එයාගේ තාත්තලත් එක්ක රණ්ඩු කළා, හොඳ අයියගේ නංගී කැම්පස් යන එක අතෑරලා ආමි එකේ නර්සින් ගියා. අයියාගේ මූණ හදන්න සල්ලි හොයන්න. හොඳ අයියා දේශපාලනයෙක්ට වැඩ කරන්න ගත්තා. පොඩි ළමයි අයියාගේ විරූපි මූණ දැක්කම අඬන්න ගත්තා. මිනිහෙක්ට යකඩ පොල්ලකින් ගහලා අයියා හිරේ ගියා, එයා චණ්ඩියෙක් වුණා. නෑදෑයො එයාලව අතෑරියා, ඌ පිස්සෙක් කියපු නෑයො, කසාදයක්වත් බැන්දොත් ඕක හරි යයි කියලත් කිව්වා.
ඔය අතරේ බාප්පගේ වෙඩින් ඇල්බම් එකේ මම අර මාමාව හෙව්වා. එයාව පෙන්නලා බාප්පගෙන් විස්තර අහගන්න. අවුරුදු විසි ගානකට පස්සේ, අනුරාධපුරේදී බාප්පා එක්ක කෑම්ප් එකේ වැඩ කරපු යාළුවෙක් හම්බ වුණා. එතෙන්ට දුවගෙන ගිහින් මම අර මාමා ගැන ඇහුවා. කිසි ආරංචියක් නෑ. සමහර විට ඌ යුද්ධෙදි මැරෙන්න ඇති කියලා එයාල කතා වුණා.
අදටත් යුද්ධෙ ගැන කතා වෙද්දී මට මතක් වෙන්නේ එයාලව විතරක් නෙමෙයි. තව මතක් වෙන අය ගොඩක් ඉන්නවා. අපේ ගමට සීල් කරපු පෙට්ටි වල ආපු අයියලාව මතක් වෙනවා.
අදටත් යුද්ධෙ ගැන කතා වෙද්දී මට මතක් වෙන්නේ එයාලව විතරක් නෙමෙයි. තව මතක් වෙන අය ගොඩක් ඉන්නවා. අපේ ගමට සීල් කරපු පෙට්ටි වල ආපු අයියලාව මතක් වෙනවා.
සටන් විරාම කාලේ , ඔව් අර මැරිච්ච මළකුණක් බලන්න පෝලිමේ යන මිනිස්සු වගේ විනාස වෙච්ච යාපනේ බලන්න මිනිස්සු නඩ පිටින් වන්දනාවේ ගිය කාලේ, අපේ ගෙදර අයත් යාපනේ ගියා. හමුදා චෙක් පොයින්ට් එකයි, LTTE එකේ චෙක් පොයින්ට් එකයි දෙකම පහු කරලා යන ගමනෙදි, LTTE චෙක් පොයින්ට් එකකදී අපි හැමෝටම වාහනෙන් බහින්න කිව්වා. මගේ මල්ලී එතකොට අතදරුවා. එතෙන්ට ආපු LTTE සෙබලෙක් අපේ අම්මට කිව්වා, "අම්මා ඔයා බහින්න ඕනේ නෑ මල්ලිත් එක්ක ඉන්න" කියලා. යාපනේ යද්දි කොටින්ට බයේ ගිය අපේ අම්ම අදටත් කියනවා "දරුවෙක් වගේ ඒ ළමයා ඇවිත් කතා කළේ" කියලා.
මගදී අපේ අත්තාට බඩේ අමාරුවක් හැදුනා. කැලේට එළිබහින්න ගිහින් බිම් බෝම්බයක් පාග ගන්න බැරි නිසා LTTE චෙක් පොයින්ට් එකකට ගියා. අයියලා වගයක් සීයාව ටොයිලට් එක්ක ගියා. LTTE අක්කා කෙනෙක් ඇවිත් මගෙන් අභිනයෙන් ඇහුවා, මූණ හෝදගන්න ඕනෙද කියලා. බෙල්ල කපනවා කියලා අභිනයෙන් පෙන්නනවා දකිනවට වඩා අව්වට කරවෙලා වේලිලා ඉන්න අවු 14 ළමයෙක්ට ඒක හරි ආදරණීයයි. ඒ අක්කා මාවයි, සුමුදු මල්ලියි එක්ක ගියා, වතුර පුරවපු බැරල් බාගයක් ලගට. අපි මූණ හෝදගන්නකන් ඒ අක්ක හිනා වෙවී බලන් හිටියා. ආපහු එනකොට LTTE යුනිෆෝම් එකෙන් අපේ වෑන් එක ළඟ හිටිය අයියා කෙනෙක් ඇහුවා "නංගිලා කොහෙද" කියලා. "කුරුණෑගල" මම කිව්වා. "මාත් කුරුණෑගල, රිදීබැදි ඇල්ලේ" ඒ අයියා කිව්වා. එයා මගේ නම අහලා හිනා වුණා "කෞශල්‍යා කියන්නේ තමිල් කෙල්ලගේ නමනේ" ඒ අයියා කිව්වා.
ආයෙත් කවදාවත් හම්බ නොවුණු මේ කී දෙනෙක් යුද්ධෙන් මැරෙන්න ඇතිද කියලා යුද්ධෙ කියන වචනෙ අහනකොටත් මට හිතෙනවා. "උන් මරන්න ඕනේ උන් කොටි" කියලා අනිත් අය කියන කොට, මේ මිනිස්සුත් අපි වගේමයි කියලා මතක් වෙලා, එයාලව ත්‍රස්තවාදීන් කරන මේ සමාජය ගැන මට කළකිරීමක් ඇතිවෙනවා. "ත්‍රස්තවාදය සුව කළ නොහැක, වැළැක්විය හැකිය" කියලා මට හිතෙනවා.
ආයෙත් කවදාවත් හම්බ නොවුණු මේ කී දෙනෙක් යුද්ධෙන් මැරෙන්න ඇතිද කියලා යුද්ධෙ කියන වචනෙ අහනකොටත් මට හිතෙනවා. "උන් මරන්න ඕනේ උන් කොටි" කියලා අනිත් අය කියන කොට, මේ මිනිස්සුත් අපි වගේමයි කියලා මතක් වෙලා, එයාලව ත්‍රස්තවාදීන් කරන මේ සමාජය ගැන මට කළකිරීමක් ඇතිවෙනවා. "ත්‍රස්තවාදය සුව කළ නොහැක, වැළැක්විය හැකිය" කියලා මට හිතෙනවා.
Terrorism cannot be cured, but can be prevented
When I was about four years old, a good friend of my uncle who worked for SL army came to my uncle’s wedding. He used to carry me around on his back. He kept me close to him always and cuddled the little baby that I was. My cousins were envious that I spent time with this person without playing with them. One of my favorite cousins, “good brother” teased me with envy because he used to carry me on his back on the other days.
I didn’t hear about my uncle’s friend for many years, because my uncle resigned from army. But my memory about this person didn’t fade away. I tried to find him on my uncle’s wedding album, so I can track who he is and where he is now?
The time passed and my “good brother” also joined army. During the war, he was shot on his face. He escaped the army hospital even before he was fully treated. After leaving army with an distorted face, my cousin, good brother behaved in a very problematic manner. Nobody called him good brother or good son anymore, but a lunatic. His life is still miserable and he is also making the life of others around him miserable.
Recently, I met one of the old friends of my uncle, who also worked at the same army camp. When my uncle was having a chat with this person, I rushed to them to find if they knew anything about their mutual friend, whom I met at my uncle’s wedding. Neither of them knew nothing about this person. They guessed that this person might got killed during the war. It was a heart wrenching moment for me even though I didn’t even know the name of this person.
Not only these stories give me horrific flashbacks of war, but the memories of men who came back to village in sealed coffins, and some loving people, I met in a visit to the North during the ceasefire.
The time of Ceasefire was also a time when people from south organized pilgrimages/ pleasure trips to north to see the devastation that was caused by the war in the North. It was just like you visit a a disaster to romanticize how vast and destructive it was. My family also decided to join the flow, and visit Jaffna.
We had to pass both SL Army and LTTE checkpoints on our way. At a LTTE checkpoint, when everyone was supposed to get off, a LTTE carder came to the vehicle, and saw my mother with my baby brother. This guy kindly said to my mother “ Amma, you don’t have to get off, stay there with the little brother”. My mother who was scared to visit Jaffna because she was terrified of “tiggers” said very recently, that she felt so comfortable when this person spoke to her so softly.
At another checkpoint, a female LTTE carder, who saw that I was exhausted and fatigue, asked me, if I wanted to wash my face. I was delighted. I still remember the smiling face of that girl. On the way back to vehicle, a guy with a LTTE uniform asked me where I’m from. He was also from Kurunegala. Then he asked my name and teased that my name is a tamil girl’s name. I will never see those smiling and kind faces again.
Whenever I hear the word “war”, these smiling faces come to my mind. They all may be gone due to war. When people say that they are terrorists and we should kill them all, I always think “I’ve met some of them and they are also people like me. who makes them terrorists?”. I get utterly frustrated with the socio-political system that produces terrorism.
I believe terrorism cannot be cured, but can be prevented
.

Comments
Post a Comment