Posts

Showing posts from February, 2018
Image
ත්‍රස්තවාදය සුව කළ නොහැක, වැළැක්විය හැකිය 1993 මගේ බාප්පගේ වෙඩින් එක තියෙන කොට මම පොඩි කෙල්ල. බාප්පගෙ වෙඩින් එකට සතියකට විතර කළින් එහේ ආව, බාප්පා එක්ක පලාලි කදවුරේ වැඩ කරපු මාමා කෙනෙක් මට ගොඩාක් ආදරේ වුණා. එයා මාව කරෙන් බිම තියන්නේ නැතුව වඩාගෙනම ඉන්නවා කියලා මගේ නෑදෑ සහෝදර සහෝදරියෝ මාත් එක්ක තරහත් වුණා. ලොකු අප්පච්චිගේ පුතා, හොඳ අයියා, මට විහිළු කළා, මොකද වෙනදාට මාව කරේ තියාගෙන යන්නේ එයා. වෙඩින් එක ඉවර වෙලා මේ මාමා යන්න කළින්, "කෝ මගේ චූටි කෙල්ල, මම එයාව ගෙදර එක්ක යනවා" කියලා කියනවා මට ඇහුණා. මම බය වුණා. දුවලා ගිහින් දර මඩුවේ හැංගුණා. මාව හොයලා හොයලා නැති නිසා ඒ මාමා මට කියන්නෙත් නැතිව ගියා. බාප්පා හමුදාවෙන් අයින් වුණා. හොඳ අයියා හමුදාවට ගියා. හොඳ අයියාට වෙඩි වැදිලා අදටත් මූණ විරූපියි. ප්ලාස්ටික් සැත්කමක් කරලා මූණ යම් තරමකට හැදුවට, මූණ හොදටම හදන්න කළින් එයා හමුදා රෝහලෙන් පැනලා ආවා. යුද්ධෙ දරුණුවටම තිබ්බ කාලේ ලෙඩෙක් පස්සේ එලවන්න ආණ්ඩුවට වුවමනාවක් තිබ්බේ නෑ. හොඳ අයියා ගෙදර ආවා. නරක වුණා. බොන්න පටන් ගත්තා, එයාගේ තාත්තලත් එක්ක රණ්ඩු කළා, හොඳ අයියගේ නංගී කැම්පස් යන එක අතෑරල...